― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරඹුක්කන විරෝධතාවයේදී සිදුවූ වූ මරණය ගැන පූර්ණ විමර්ශනයක්

රඹුක්කන විරෝධතාවයේදී සිදුවූ වූ මරණය ගැන පූර්ණ විමර්ශනයක්

පෙරේදා (19) රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

මෙම සිද්ධියේදී නාරන්බැද්ද, හිරිවඩුන්න පදිංචි කේ. බී. චමින්ද ලක්ෂාන් නමැත්තා මිය ගිය අතර උක්ත විමර්ශනය අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන දින 03ක් ඇතුළත අතුරු වාර්තාවක් ලබා දෙන මෙන් පොලිස්පතිවරයා දන්වා ඇත.

මරණයට පත්වූ පුද්ගලයාගේ අවසන් කටයුතු හෙට (22) දේවාලේගම, නාරන්බැද්ද හිරිවඩුන්නේදී සිදු කිරීමට නියමිතය. දේහය භූමදානය කර අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිධ හමුදා සහය ලබා දෙන මෙන් පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය යටතේ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022.03.21 දිනැති අංක 2272/10 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහාත්‍රිවිධ හමුදාවකැඳවා ඇත. ඒ අනුව 2022.04.23 දින දක්වා දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහය ලැබේ.