― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෞද්ගලික රෝහල්වලත් දරුණු ඖෂධ හිඟයක්

පෞද්ගලික රෝහල්වලත් දරුණු ඖෂධ හිඟයක්

ඉන්දීය ණය පහසුකම යටතේ පෞද්ගලික අංශය සඳහා හිඟ ඖෂධ ගෙන්වීමට අවස්ථාව ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට පෞද්ගලික රෝහල් සහ ඖෂධහල් 4500ක පමණ ඖෂධ හිඟයක් පවතින බවට ඔවුන් විසින් අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබේ.

හිඟ ඖෂධ ගෙන්වීම සදහා ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය විදේශ විනිමය නොමැති බවටද පෞද්ගලික අංශයේ රෝහල් සහ ඖෂධහල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වැඩිදුරටත් දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියේ පෞද්ගලික අංශයේ හිඟව පවතින ඖෂධ ඉන්දීය ණය පහසුකම යටතේ ගෙන්වීමට අවස්ථාව සලසා දී ඇති බවට ඔවුන් වෙත දැනුම් දුන් බවය.

අවශ්‍ය හිඟ ඖෂධ ගෙන්වීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් ලබාදීමට එකඟතාව පළ කර තිබේ. ඒ අනුව ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 30ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 65ක් ලබාදිමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ එම අරමුදල්වලට අදාළව ඖෂධ ගෙන්වීම සඳහා දැනටමත් ණයවර ලිපි නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව ඉදිරියේදී ඖෂධ හිඟයකින් තොරව සැපයීමට අවශ්‍ය සෑම පියවරක්ම ගනිමින් සිටින බවය.