27.8 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ බැංකුව අහෝසි නොකළොත් IMF ණයත් කුණු කාණුවකට දැම්මා වගේ - මහාචාර්ය...

මහ බැංකුව අහෝසි නොකළොත් IMF ණයත් කුණු කාණුවකට දැම්මා වගේ – මහාචාර්ය ස්ටීව් හෑන්ක්

ශ්‍රී ලංකාවේ මහ බැංකුව අහෝසි නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ණය පවා කුණු කාණුවකට දැම්මා හා සමාන වන බව ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

එම ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 ජනවාරි 01 වැනිදා සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ආසන්න වශයෙන් 48%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 120%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි මූල්‍යාධාර ඉල්ලා ඇති බවත් මහ බැංකුව අහෝසි නොකරන තුරු ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වීම වැළැක්විය නොහැකි බවත් එහි දැක්වේ.