26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළඟදි විවාහ වෙන්නද ඉන්නේ?.. එහෙනම් මේක කියවන්න..

ළඟදි විවාහ වෙන්නද ඉන්නේ?.. එහෙනම් මේක කියවන්න..

විවාහ උත්සව ශාලා ගාස්තු සියයට 40කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමයේ සභාපති අතුල කළුආරච්චි ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

අපේ සංගමය අද තීරණය කලා අදින් පසුව අලුතෙන් ලබා ගන්නා ඇණවුම් සඳහා අවම වශයෙන් මෙම කේෂ්ත්‍රයේ රැඳී සිටීමට 40%කට මිල වැඩි කීරිම් කළ යුතුයි කියලා. ඒ වගේම පසුගිය කාලයේ දැනට අප සතුව තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා”