25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කනදී මියගිය චාමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද

රඹුක්කනදී මියගිය චාමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද

රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිතය.

අදාළ සිද්ධියෙන් මියගිය කේ. බී. චාමින්ද ලක්ෂාන්ගේ දේහය පසුගිය 21 වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබීය. ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු දේවාලගම, නාරන්බැද්ද, හිරිවඩුන්නේදී අද සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

එම කටයුතු අවසන් වන තෙක් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා සහාය ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.