26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපෞද්ගලික ආරවුල ගිය දුරක්

පෞද්ගලික ආරවුල ගිය දුරක්

වැලිවේරිය, වෑබඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විදෙස්ගතව සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇති අතර ඇයගේ සොහොයුරිය හා යෙහෙළියක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයට පෞද්ගලික ආරවුලක් හේතු වී ඇති බව පොලිසිය අවධාරණය කළේය. ඝාතනය සිදු කළ 37 හැවිරිදි සැකකරුද එම තියුණු ආයුධයෙන්ම සිය ගෙල පිටුපස කපාගෙන අසළ ළිඳකට පැන සිටියදී සොයා ගෙන ඇති අතර ඔහු ගොඩට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.