26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිදුවීමේ විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමිසමට

රඹුක්කන සිදුවීමේ විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමිසමට

රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයේ වාර්තාවක් අද (25) මානව හිමිකම් කොමිසම වෙත යොමු කිරීමට නියමිතය.

එම කොමිසම සඳහන් කළේ පොලිස්පතිවරයාටද මේ බව දැනුම් දුන් බවයි. මේ අතර මානව හිමිකම් ආරක්ෂා කරමින් විරෝධතාවලදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන පොලීසියට නව නිර්දේශ මාලාවක් ලබා දීමටද මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියගේ අධීක්ෂණය යටතේ ත්‍රිපුද්ගල කමිටුවක් අදාල නිර්දේශ සකස් කිරීම සඳහා පත් කර ඇති බවයි.

රඹුක්කන ජන විරෝධතාව අතරතුර පොලීසිය වෙඩි තැබීමෙන් පුද්ගලයකු මිය යාමේ සිදුවීම පිළිබඳව කරුණු විමසීම සඳහා පසුගියදා පොලිස්පතිවරයා කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදි මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් වූ බව මානව හිමිකම් කොමිසම සඳහන් කළා.