― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල් හිමිපාණන් අද පාප්වහන්සේ හමුවෙයි

කාදිනල් හිමිපාණන් අද පාප්වහන්සේ හමුවෙයි

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (25) වතිකානයේදී ශුද්ධෝත්තම පාප්වහන්සේ හමුවීමට නියමිතය.

පාප්වහන්සේ හමුවීම සඳහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් සමඟ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 21 වැනිදා රෝමයේ, වතිකානය බලා පිටත්ව ගියේය.

කාදිනල් හිමිපාණන් පසුගියදා පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී සිදු කළ ඉල්ලීමකට අනුව මෙම සංචාරය සිදු කෙරුණු අතර එම පිරිස අද දිනයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට එක්වීමටද නියමිතය.