― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalඅනිද්දාට එළවළුත් නැතිවෙයි

අනිද්දාට එළවළුත් නැතිවෙයි

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට මෙම 28 දින එළවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදි අද (26) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයට එරෙහිව මේ මස (28) දින රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවකයින් ඇතුළු රටේ ජනතාව හර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට සැලසුම් කර ඇති නිසා කොළඹ මැනිං වෙලදපොල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවකින් එදිනට එලවළු තොග එවිමට කටයුතු නොකරන ලෙසට කල ඉල්ලිමක් මත මෙම තිරණය ගත් බවයි.

එලවළු ගොවියා රැක ගැනිමේ අධිඨනනි මෙම තිරණය ගත් බවත්,එදිනට එලවළු රැගෙන යාමට පාරිභෝගිකයන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණෙන නිසා ආර්ථික මධ්‍යස්ථාන වසා දැමිමට සිදුවිය හැකි බැවින් මෙම තිරණය ගත් බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මිට වසර 1 ½ ප්‍රථම මේ රටේ සමස්ත ගොවියා දැඩි පිඩාවට පත් කිරිමට වත්මන් රජය පියවර ගත් බවත්, මේ වන විට රසායනික පොහොර මිල ඉහල යාම, එලවළු බිජ ඇට වර්ග මිල ඉහල යාම ,කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහල යාම ,ඉන්ධන මිල ඉහල යාම සහ එලවළු මිල මේ වන විට සිඝ්‍ර ලෙස පහල වැටිම හේතුවෙන් ගොවින් මේ වන විට කබලෙන් ලිපට වැඩි ඇති බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය.