26 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක්

පවතින ආර්ථික අසීරුතාවට පිළියමක් ලෙස ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟතාව පළ කර තිබේ.

ඉන් ඩොලර් මිලියන 400ක් පළමු අදියරේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙමින් දැනුම් දී තිබේ.

පළමු අදියර යටතේ ඉන් ඩොලර් මිලියන 400ක් කඩිනමින් ලබාදෙන බව ඇය පවසා තිබේ. ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්ෂණ, කෘෂිකාර්මික හා ආහාර සුරක්ෂිතතාව සහ ගෑස් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙම මුදල් ලබාදීමට නියමිතය.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බවද ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කර ඇත.