― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ගෑස් බෙදා හැරීම ඇරඹේ

අද සිට ගෑස් බෙදා හැරීම ඇරඹේ

අද (27) සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම සඳහන් ක‍ළේ, මෙරටට ඊයේ සේන්දු වූ නෞකාවේ තිබූ ගෑස් මෙට්‍රික් ටොන් 3900 ගොඩබෑම මේ වනවිට අවසන් අදියරට ළඟා වි ඇති බවයි.

ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොළට නිකුත් හැරීමට සැලසුම් කර තිබේ.

මේ අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3600 ක් රැගත් නෞකාවක් හෙට දිනයේ මෙරටට ළඟාවීමට නියමිත ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගත්තේ ය.

ඒ අනුව කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4860 ක් දක්වා වැඩිකර තිබේ.

කිලෝ ග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1945 ක් ඉහළ දැමිණ.

කිලෝ ග්‍රෑම් 2 .3 ක ලිට්‍රෝ ගෑස් සිලිඩරයක නව මිල රුපියල් 910කි.

පසුගිය අප්‍රේල් 12 වැනි සිට ඊයේ දිනය දක්වා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම අත්හිටවූ අතර මේ හේතුවෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව සිටිති.