30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දුනීසියාවෙන් රුපියල් මිලියන 550ක ඖෂධ මෙරටට

ඉන්දුනීසියාවෙන් රුපියල් මිලියන 550ක ඖෂධ මෙරටට

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550ක් (අ.ඩො.මිලියන 1.6ක්) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට හිමිවිය.

කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් මැතිණිය විසින් එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වෙත භාර දෙනු ලැබීය.

එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය කිලෝ ග්‍රෑම් 3100ක පමණ බරින් යුක්ත අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ඒ අතර ප්‍රමුඛ වෙයි.

ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මේ අවස්ථාවේදී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම ඉක්මන් උපකාරය 70 වසරක ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කර තිබේ.