27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය වැඩ වර්ජනය අවසන්

දුම්රිය වැඩ වර්ජනය අවසන්

අද (29) උදෑසන සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ක්‍රියාත්මක කළ එක්දින වැඩවර්ජනයට සමගාමීව ආරම්භ කළ දුම්රිය වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

රජය විසින් මෙම විරෝධයට නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් මැයි 06 වැනිදාට සංවිධානය කර ඇති හර්තාල ව්‍යාපාරයට සමගාමීව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු ඩී.එම්.ඩී අබේරත්න පවසයි.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් ප්‍රවාහන, සෞඛ්‍ය, පරිපාලන, විදුලි, තැපැල්, ගුරු ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තිය සමිති 1000 ක් පමණ ඊයේ එක්දින වර්ජනයක නිරත වී තිබුණි.