30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරඹුක්කන සිද්ධියේදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අද අධිකරණයට

රඹුක්කන සිද්ධියේදී අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අද අධිකරණයට

රඹුක්කන උද්ඝෝෂණයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කිර්තිරත්න සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කොළඹ අධිකරණයටත් අනෙක් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර අධිකරණයටත් ඉදිරිපත් කරන බවයි.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කිර්තිරත්න නාරාහෙන්පිට පොලිස් රෝහලේදීත්, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කුණ්ඩසාලේ පොලිස් රෝහලේදීත් ඊයේ (28) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ සිද්ධියේදි කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙඩි තැබීමට අණ කර ඇති අතර අනෙක් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා විරෝධතාකරුවන්ට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රඹුක්කන උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එම අවස්ථාවේ කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කළේ පසුගිය 27 වැනිදායි.