26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමම අගමැතිට ඉවත්වෙන්න කිව්වෙ නැහැ - ජනාධිපති

මම අගමැතිට ඉවත්වෙන්න කිව්වෙ නැහැ – ජනාධිපති

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙසට හෝ ඔහු ඉවත් කරන බවට කිසිදු දැනුම් දීමක් කර නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුවේ හෝ පොහොට්ටුවේ කිසිදු ප්‍රශ්නයක් ඇති නොකර රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවද, ඒ සඳහා සියලු දෙනාගේ සහාය ලබාගත යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු අතර මත ගැටුමක් ද ඇති වී තිබෙන අතර එම රැස්වීම උණුසුම්කාරී ස්වභාවයක් ගෙන ඇත .

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරු බහුතරයක් ඊට සහභාගීවූහ