― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහිටපු අමාත්‍යවරයෙක් නිදොස් කොට නිදහස්

හිටපු අමාත්‍යවරයෙක් නිදොස් කොට නිදහස්

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 10ක මුදලක් අවභාවිත කළ බවට වන නඩුවෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ඒ. එච්. එම්. ෆවුසි නිදොස් කොට නිදහස් කර තිබේ.

මෙම නියෝගය ලබා දී ඇත්තේ එම නඩුව අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීය.

නිදහස් සන්ධාන රජය සමයේ පුනරුත්ථාපන අමාත්‍යංශයට නෙදර්ලන්ත රජයෙන් ලද වාහනයක් අවභාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා පැවරූ අතර අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබේ.