28 C
Colombo
Tuesday, October 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ දුරකතනවලින් පුද්ගලික ඇමතුම් ගැනීමේ තහංචියක්

පාර්ලිමේන්තුවේ දුරකතනවලින් පුද්ගලික ඇමතුම් ගැනීමේ තහංචියක්

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චිය හැකි තාක් සීමාකරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සියලු අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා මේ බව පාර්ලිමේන්තුවේ සියලු අංශ ප්‍රධානීන්ට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දුරකථන ඔස්සේ පෞද්ගලික ඇමතුම් ලබාගැනීම සිදුනොකරන ලෙස සේවක සේවිකාවන්ට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ විදුලිය, ලිපි ද්‍රව්‍ය පරිහරණය සීමා කිරීම සහ ආහාර නාස්තිවීම හැකිතාක් අඩු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා මීට පෙර උපදෙස් ලබා දී තිබුණි.