28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමගෙන් පස්සේ රාජපක්ෂවරු ගත්තේ ප්‍රශ්න නැති රටක්

මගෙන් පස්සේ රාජපක්ෂවරු ගත්තේ ප්‍රශ්න නැති රටක්

තමාගේ ධුර කාලයේදී රට තුළ මේ ප්‍රශ්න කිසිවක් නොතිබූ බවත් තමාගෙන් පසුව රාජපක්ෂ පවුලේ දේශපාලකයින් භාරගත්තේ ඉතා හොඳ රටක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඊයේ (01) පොළොන්නරුවේ පැවති මැයි දින රැලියකදී ඔහු මේ බව කියා සිටියේය.

“මගේ ජනාධිපති ධූරය මාස එකහමාරයි අඩු අවුරුදු 5ට. ඒ තනතුරේ සිටින කාලයේ අද මේ තියෙන ප්‍රශ්න කිසිම දෙයක් මේ රටේ තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්වරු භාර ගත්තේ ඉතාමත්ම හොඳ රටක්. මේ වන විට රට ඛේදවාචකයකට මුහුණ දී සිටිනවා. මගේ බලාපොරොත්තුව නව ආණ්ඩුවක් පිහිටුවීමයි.”