― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමහවැලි ඇමතිකම කෝටි 50කට වික්කෙ කවුද..? - රොෂාන් රණසිංහගෙන් හෙළිදරවුවක්

මහවැලි ඇමතිකම කෝටි 50කට වික්කෙ කවුද..? – රොෂාන් රණසිංහගෙන් හෙළිදරවුවක්

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය තමන්ගෙන් ගලවා වෙනත් පුද්ගලයෙකුට ලබාදුන්නේ කෝටි 50ක මුදලක් ලබාදීමෙන් යැයි ඩඩ්ලි සිරිසේන පවසා ඇති බවත් “ඒකට හේතු වුණේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් අපේ අයියගෙ, දේශපාලනයට තර්ජනයක් වෙලා අයියාගේ දේශපාලනය ඉවර වෙනවා කියලා” යැයි රොෂාන් රණසිංහ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පොළොන්නරුවේ පැවති මැයි රැලි රැස්වීම්කට එක්වෙමිනි. එහිදී වැඪිදුඅරටත් අදස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

වසර හැත්තෑ හතරක්ම අපේ රට පාලනය කරේ වයෝවෘද්ධ නායකයෝ. නමුත් මේ රටේ හොඳ බුද්ධිමත් තරුණ දේශපාලන නායකයින් ඉන්නවා. හොඳ ප්‍රායෝගික ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන් පිරිසක් සිටිනවා. මේ රටවල් පාලනය කරන්න ඒ අයටත් අවස්ථාවව දෙන්න ඕනේ, ඉදිරි මැතිවරණවලදී ඒ අයට අවස්ථාව ලබා දිය යුතුයි. ජාතික ආණ්ඩුවකට එකතු වීමට අකමැති අයකු වේ නම් ඒ එකෙකුවත් ඊළඟ මැතිවරණයකදි පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

වෛරයෙන් ක්‍රෝධයෙන් කවුරු හරි කටයුතු කළොත් ඒ පුද්ගලයන්ට ඒ පක්ෂවලට හරියන්නේ නෑ. එහෙම ආණ්ඩුවක් කරනවා නම් පැවැත්මක් නැහැ. හැට නවලක්ෂයක් ඡන්දෙ දීපු අයට වසර එක හමාරකින් මේ ආණ්ඩුව එපා වුණා. ඒකට සාධාරණ හේතු ඇති. මම ගොවි ජනතාව සමඟ සිටින නායකයෙක් හැටියට ගොවීන්ගෙන් පත්වුණු නායකයෙක් හැටියට ප්‍රකාශයක් කරලා තන්තුරු අතහරින්න හේතුවුණේ ගොවිජනතාවට සිද්ධ වුණා ගැටළු නිසා, ගොවි ජනතාවට රසායනික පොහොර දෙන්න බැරිනම් කෙලින්ම කියන්න ඕනේ දෙන්න බෑ කියලා. මම වර්තමාන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාට යෝජනා කළා ගොවියන්ට පොහොර දෙන්න බැරිනම් පෞද්ගලික සමාගම්වලින් පොහොර ලබාගන්න මුදල් හරි දෙන්න කියලා. ඒකට කීපදෙනෙක් කැමැත්ත පළ කළා. මේ ආර්ථික සමාජ විනාශයට, හැත්තෑ හතෙන් පසුව රට පාලනය කරපු හැම නායකයෙක්ම වගකියන්න ඕන.

පාර්ලිමේන්තුවේ 225 අතර ඉන්නවා පාපැදියක්වත් නැතිව පාර්ලිමේන්තුවට තේරී පත් වූ අය විවිධ ජාවාරම් කරලා හොඳ තැන්වල ඉන්නවා. පාර්ලිමේන්තුවේ හොඳ පිරිසකුත් ඉන්නවා නැතුව නෙවෙයි. මේ රට ගොඩ ගැනීමටනම් අපි වගේම රාජ්‍ය සේවකයින්, මහජනතාව ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් හැබැයි ආකල්පමය වෙනසක් ඇති කරලා ජාතික ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාකළ යුතුයි.