හම්බන්තොට රෝහල ඉදිකිරීමේදී සිදු වූ දූෂිත ගනුදෙනු පිළිබඳව ABC මාධ්‍ය ආයතනය මඟින් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් තමන් හෝ තම පවුලේ කිසිවෙකු සම්බන්ධ නොමැති බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත. යහපාලන රජය විසින් එල්ල කළ චෝදනාවලට තමන් තවමත් උසාවි යන බව ඔහු ට්විටර් සටහනෙන් වැඩිදුරටත් දක්වා තිබේ.