― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalමම ජනාධිපතිවරයාට පිටින් යන්නෑ - විශ්වාසභංගයට සහය දෙන්නෙත් නෑ

මම ජනාධිපතිවරයාට පිටින් යන්නෑ – විශ්වාසභංගයට සහය දෙන්නෙත් නෑ

ජනාධිපතිවරයාට එරෙහි කිසිදු යෝජනාවකට තමන් සහය නොදෙන බව වාසුදේව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

වාසුදේව මෙම අදහස් දැක්වූයේ එම පක්ෂ නියෝජිතයින් අතර ඊයේ කොළඹදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඔහු කියා සිටින්නේ තමාගේ පක්ෂය නම් කිසිසේත් සහය නොදෙන බව සහ ඉතිරි පක්ෂ 10ත් සහය නොදෙන බව තමාට විශ්වාස බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑන විශ්වාසභංග යෝජනාවද කිසිදු අර්ථයක් නොමැති යෝජනාවක් බවයි.
වාසුදේව හැරුණු විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද මීට සමානව අදහස් දැක්වීමක් කළේය.