ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) මෙරටට ළඟා වී තිබේ.
ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
මෙම ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000කින් සමන්විත වන අතර මේ වනවිට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ ලබා දී තිබේ.
තවත් ඉන්ධන තොග ඉදිරියේදී ඉන්දියාවෙන් මෙරටට ලබා දීමට නියමිතය.