නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාව එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් විසින් අද (05) සභාගත කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ගුවන්යානා ලබාගැනීමේ තීරණය මාස තුනකට කල් දැමීමට දැනුම්දුන් බව එම අවස්ථාවේදී සභාපති චරිත හේරත් පැවසීය.
ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට එම සමාගම කටයුතු කරමින් සිටින බව පසුගිය අප්‍රේල් 25 වනදා පැවති කෝප් කමිටුවේදී කරුණු හෙළිවී තිබුණි.
ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා එහිදී උපදෙස් ලබාදුන්නේය.