27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගය දින දෙකකට වැසෙයි

පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගය දින දෙකකට වැසෙයි

දියත උයන මංසන්ධියේ සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් දිවෙන පාර්ලිමේන්තු මාර්ගය අද (05) සහ හෙට (06) වසා තැබෙන බව පොලීසීය පවසයි.

පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගද එම කාල සීමාව තුළ වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විකල්ප මාර්ග නොමැති එම සීමාවේ පදිංචි ජනතාවට අනන්‍යතාව තහවුරු කර ගමන් කළ හැකියාව පවතින අතර පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වෙන දිනවල ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ගමන් කිරීමේදී බාධා මතුවන බව පොලීසීය පවසයි.

පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය පවසයි.