28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජය තවමත් ඩීසල්, පෙට්‍රල්වලින් ජනතාවට සහන දෙනවා

රජය තවමත් ඩීසල්, පෙට්‍රල්වලින් ජනතාවට සහන දෙනවා

මේ වන විට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබාදීම සිදු කළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

පසුගිය අප්‍රේල් 18 වැනිදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ජනතාවට භූමිතෙල් ලීටරයක් රුපියල් 87කට ලබාදීමට රජය පියවර ගත්තද, භූමිතෙල් ලීටරයක් සඳහා රජයට වැය වන මුදල් රුපියල් 313ක් බවත් ඩීසල් සහ පෙට්‍රල් සඳහා රජය තවමත් ජනතාවට සහනාධාර ලබාදෙමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ හේතුවෙන් ලබන පාඩුව අවම කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා LIOC සමාගම සහ CPC සමාගම කැබිනට් මණ්ඩලයට විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේය.