― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSocialආණ්ඩුවට විරෝධය පාමින් අලුත්කඩේ අධිකරණය කළු කොඩිවලින් සරසයි

ආණ්ඩුවට විරෝධය පාමින් අලුත්කඩේ අධිකරණය කළු කොඩිවලින් සරසයි

ජන පීඩක ආණ්ඩුවට විරෝධය පළ කරමින් දිවයින පුරා අද (06) දිනයේදී හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකය.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ආණ්ඩුවට විරෝධය පාමින් අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සහය පළකරමින් අලුත්කඩේ අධිකරණ කලාපය තුළ කළු කොඩිවලින් සැරසීමට තරුණ නීතීඥවරුන් කටයුතු කර තිබුණි.

ඔවුන් මහ වැසි නොතකමින් ඊයේ (05) රාත්‍රියේ අලුත්කඩේ අධිකරණ කලාපය තුළ කළු කොඩිවලින් සැරසීමට කටයුතු කළේය.