― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහදිසි නීතිය කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නවද..?

හදිසි නීතිය කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නවද..?

හදිසි නීතිය පැනවීම යනු රටේ යම් හදිසි තත්ත්වයක් ඇති වූ අවස්ථාවක පවත්නා නීතිය අභිබවමින් නියෝග නිකුත් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට හිමිකර දෙන තත්ත්වයකි.

හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේය.

මහජන ආරක්ෂක පනතේ පස්වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් තිබේ. ඒ යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඕනෑම තැනකට අවසරයකින් තොරව ඇතුළු වීමේ හැකියාව, ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී. 

මූලික වශයෙන්ම හදිසි නීතියක් පැනවීමේ අරමුණ වන්නේ මහජන සාමය පවත්වාගැනීම සඳහා හමුදා අංශ යෙදවීමය.

එසේ නොමැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත්තේ පොලීසියට පමණි. එම බලය හමුදා අංශ වෙත ද පැවරීම හදිසි නීති තත්ත්වයක් යටතේ සිදුවේ. 
ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමේ හැකියාව පවතින අතර ඕනෑම රටක යම් හදිසි තත්ත්වයක් ඇතිවූ විට, සිවිල් ආරවුල් තත්ත්වයක්, යුදමය තත්ත්වයක් ඇති වූ විට රටේ පාලනය බිඳ නොවැටී පවත්වාගැනීම සඳහා මෙවැනි බලයක් විධායකයට පැවරේ.