28 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට(11) පෙරවරු 10.00ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බවයි.

ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ඇය පවසන්නේ සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි. මේ අතර රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවද එම කොමිසම සඳහන් කළේය.