― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනපති ඉල්ලා අස්වුණොත් අපි රට බාරගන්න ලෑස්තියි

ජනපති ඉල්ලා අස්වුණොත් අපි රට බාරගන්න ලෑස්තියි

රටේ දේශපාලන ස්ථාවර බව ඇති කිරීම සඳහා තාවකාලික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරගැනීමට ප්‍රකාශ කරමින් එහි නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක විසින් ඊයේ යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලදී.

දේශපාලන අර්බුදය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බවත් මෙම අන්තර්කාලීන ආණ්ඩුවට තම පාර්ශ්වයට අවශ්‍ය පරිදි පුද්ගලයන් තෝරාගැනීමට අවස්ථාව සැලසිය යුතු බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

එසේ නොමැතිව කෙටි කලක් සඳහා පාර්ලිමේන්තුව තුළ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අනෙක් පක්ෂ කටයුතු කරන්නේ නම් එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරු එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට සහාය දෙන බවද අදාළ යෝජනා මාලාවේ සඳහන් කර තිබේ.

තවද වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම සිය ධුරයෙන් ඉවත් වීම, දැනට අගමැතිවරයෙක් නොමැති තත්ත්වය තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කිරීම, වත්මන් ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුව සිදු කරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස හයක් තුළ නව ජනවරමකින් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් එහි සඳහන් වේ.