― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවැරදිකරුවන් ආරක්ෂා නොකර අරගලයට එල්ල වූ පහරදීම වළක්වන්න බාධා කළ ලොක්කන් ගැන...

වැරදිකරුවන් ආරක්ෂා නොකර අරගලයට එල්ල වූ පහරදීම වළක්වන්න බාධා කළ ලොක්කන් ගැන රටට හෙළි කරන්න

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණේ ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බවයි.

ඒ හේතුවෙන් ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස ප්‍රහාරයට ලක්වූ බවද තෙන්නකෝන් මහතාගේ කටඋත්තරයේ සඳහන් බවට ආරංචි මාර්ග සඳහන් කළා.

අදාල නිලධාරීන් දෙදෙනා තමාට ඇමතුම් ලබාදී ගාලුමුවදොර අරගල භූමිය වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙමින් සිටි පිරිසට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නොකරන ලෙස බලපෑම් කළ බවට දේශබන්දු තෙන්නකොන් පවසා ඇති බව සඳහන් වනවා.

අරලියගහමන්දිරයේ සිටි පිරිස ගාලුමුවදොර අරගල භූමිය වෙත ගමන් කිරීම වළක්වන ලෙස මුලසිටම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙනවා. එලෙස තිබියදී ජනාධිපතිගේ නියෝගයට ඉහළින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අණදුන් දෙදෙනා කවුද..?

ඔවුන්ගේ නම් සහිතව රටට හෙළි කළ යුතු නොවන්නේද..?