26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews09 වැනිදා කලහකාරී සිද්ධියට අදාළව 664ක් අත්අඩංගුවට

09 වැනිදා කලහකාරී සිද්ධියට අදාළව 664ක් අත්අඩංගුවට

පසුගිය 09 වැනිදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට අදාළව මේ වනවිට පුද්ගලයින් 664 අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගිය පැය 24දී පමණක් පුද්ගලයින් 258ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිසෙන් 67 දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ තවත් 43 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

ඉන් පුද්ගලයින් 272ක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිවිරෝධී ජන රාශිය, පහරදීම, තුවාල සිදුකිරීම අනර්ථය දේපොළ විනාශ කිරීම් යන විවිධාකාරයේ චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.