26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමැති ඇමතිවරුන්ට අඩුවට තෙල් දුන්නාද? - බලශක්ති ඇමතිගෙන් පිළිතුරු

මැති ඇමතිවරුන්ට අඩුවට තෙල් දුන්නාද? – බලශක්ති ඇමතිගෙන් පිළිතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායී මිලට ඉන්ධන නිකුත් කරන බවට සමාජ මාධ්‍යවල පලවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මහජනතාවට ලබා දී ඇති වෙළෙඳපොළ මිලට වඩා සහනාධාර මිලකට කිසිදු පාර්ශ්වයකට හෝ කිසිදු මන්ත්‍රීවරයකුට ඉන්ධන ලබා දී නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ ඉන්ධන පිරවුම්හලේ පොම්පයේ දැක්වෙන මිල ගණන් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වන වාර්තාව අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා තැබූ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.