― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපිට ණය ගෙවීමට හැකියාවක් නැහැ.. රට බංකොලොත් වෙලා - රනිල් වික්‍රමසිංහ

අපිට ණය ගෙවීමට හැකියාවක් නැහැ.. රට බංකොලොත් වෙලා – රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බවත් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එලැඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැව්සීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

රට වර්තමානයේ පත්ව ඇති අර්බුදයට පසුගිය පරිපාලනය වගකිව යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ අද අපිට ඩොලර් පමණක් නොව රුපියලුත් නොමැති බවයි.

“අද අපේ රට බංකොලොත්භාවයට පැමිණ තිබෙනවා. එය මීට පෙර කෙදිනකවත් ශ්‍රී ලංකාවට සිදුනොවුණ දෙයක්. අද වන විට තරුණයින් ගාලුමුවදොර වෙතට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ අදහස ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව. මම යෝජනා කරන්නේ 21 වැනි සංශෝධනය සම්මත කරමින් නැවත 19 වැනි සංශෝධනයට ඇතුළත් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සහ අගමැතිගේ බලය ශක්තිමත් කිරීම තුළින් සියලු පක්ෂ නායකයින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඉදිරියේ එකඟතාවයකට පැමිණිය යුතු බවයි.

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීම නිසා ඉදිරි සහල් වගා සමයේදී අපිට සම්පූර්ණ නිෂ්පාදනයක් ලබාගැනීමට නොහැකියි. ඒ නිසා අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ ලෝක ආහාර අර්බුදයත් ඇතිවෙන කාලය තුළදී. අපි බලමු ලබන අවුරුද්දේ මාර්තු විතර වෙනකම් අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා.

අපිට දැන් ණය ගෙවීමට හැකියාවක් නැහැ. අපිට ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය මුදල් නැහැ. අපි එය පිළිගත යුතුයි. එය අප ලැජ්ජාවට පත්වන කරුණක්. අපි IMF සමග කටයුතු කළද ඊට කාලයක් ගතවෙනවා. අපි සංචාරකයින්ගේ පැමිණීම අධෛර්යමත් කරනවා නෙමෙයි. නමුත් අපිට වැටහෙනවා විදේශ සංචිත හිඟකම, රට තුළ පැවැත්වෙන විරෝධතා, අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟකම නිසා ඔවුන් මේ මොහොතේ ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව. වෙනස්ම අත්දැකීමක් ලැබීම කැමති අයට මෙහි පැමිණෙන්න පුළුවන්. සමහරවිට ඔවුන්ට විරෝධතාවලට සහාය දක්වන්නත් පුළුවන් වෙයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා සඳහන් පුවරු අරන් විරෝධතා කරන්න ඔවුන්ට පුළුවන් වෙයි. නැත්නම් අගමැතිවරයාට ගෙදර යන්න කියලා පුවරුවක් අල්ලන් ඉන්න පුළුවන්. කැමති ඕනෙ දෙයක් කරන්න පුළුවන්.”