23.4 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි තුනක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

කෝටි තුනක හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් සතුව හෙරොයින් කිලෝ තුනයි ග්‍රෑම් 507 ක ප්‍රමාණයක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

පසුගිය 18 වැනිදා ගොඩගම ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 294 ප්‍රමාණයත් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත පාදුක්ක ප්‍රදේශයේදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සන්තකයේ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් පොලිස් බාරයට ගෙන තිබේ. කාන්තාවගේ සැමියා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නෙකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.