23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 19ක් මාට්ටු

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 19ක් මාට්ටු

නීති විරෝධීව ධීවර යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි 19 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කලවංචිකුඩි හා පානම අතර මුහුදු ප්‍රදේශයේදී ඔවුන් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ එම පිරිස අතර කාන්තාවක් සහ 12 හැවිරිදි පිරිමි ළමයෙකුද වන බවයි.

අත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 12ත් 45ත් අතර පසුවන උප්පුවේලි, යාපනය, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමළය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අත්අඩංගුවට ගත් පිරිස ත්‍රිකුණාමලය වරාය පොලීසියට භාර දී ඇති අතර ඔවුන් අද (20) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.