― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsනීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් මම නියෝගයක් දෙන්නම්

නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් මම නියෝගයක් දෙන්නම්

පසුගිය 09 වැනිදා ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකර, රාජකාරි පැහැර හරිමින්, විනාශයට මගපෑදූ නිලධාරීන්ව අත්අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනයන දෙබිඩි පිළිවෙල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානයට යොමුකර තිබුණු අතර කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඒ සම්බන්ධයෙන් CID නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ මීට අදාළ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබුණද එම ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගතයුතු බවයි.

ඒ පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ මහේස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ,

මොකක්ද මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔය අනුගමනය කරන දෙබිඩි ක්‍රියාපිළිවෙල? මේ සිද්ධිය සම්බන්ධයෙන් සටහන් කරගත් සාක්ෂි මත පමණක් දැනට 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහි ප්‍රකාශ ගැන ඔබලා සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමක් කරලා නෑ. ඇයි මේ නිලධාරීන් ගැන විතරක් වෙනමම ක්‍රියා පිළිවෙලක්? මම දැඩිව කියනවා සැකකරුවන් තෝරාගන්න එපා, සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි උපදෙස් ලබාගෙන රාජකාරිය පැහැර හැරිය නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න. නැත්නම් මම නියෝගයක් දෙන්නම්.!