― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ සමාගම අද කෝප් කමිටුවට කැඳවයි

ලිට්‍රෝ සමාගම අද කෝප් කමිටුවට කැඳවයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20) කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඔවුන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තෙඋ පවතින ගෑස් හිඟය හා ඊට අදාළ විසඳුම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ, පළමු වාර්තාව අද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වාර්තාවට රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවන ලද ආයතන 7ක විමර්ශන ඇතුළත් වන අතර පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනද ඒ අතරට අයත්ය.