26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් තොග ගොඩබෑම ඇරඹේ

පෙට්‍රල් තොග ගොඩබෑම ඇරඹේ

මුදල් ගෙවූ පෙට්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අද (20) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ එහි පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක් පවතින බවයි.

මේ අතර අයි. ඕ. සී. සමාගම ඇනවුම් කළ පෙට්‍රල් නෞකාවකින් තොග ගොඩබෑම ඊයේ (19) රාත්‍රියේ ආරම්භ වූ බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ සංස්ථාවේ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර මෙරටට සේන්දු වූ ඩීසල් නෞකාවේ, ඩීසල් ගොඩබෑම මේ වනවිට අවසන්ව තිබේ.

ඩීසල් බෙදාහැරීම අඛණ්ඩව සිදුවන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබා ගැනීම සඳහා තවදුරටත් දිගු පෝලිම් දැකගත හැකිවේ.

බොහෝ පිරවුම්හල්වලින් පෙට්‍රල් නිකුත් කිරීමක් සිදුවූයේ නැත.