32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeSocialපෙට්‍රල් හොයාගන්න බැරුව දින දෙකක් වයසැති බිළිඳිය ජීවිතක්ෂයට

පෙට්‍රල් හොයාගන්න බැරුව දින දෙකක් වයසැති බිළිඳිය ජීවිතක්ෂයට

ඉන්ධන නොමැති වීම නිසා නියමිත මොහොතේ රෝහලට ගෙනයාමට නොහැකිව අකාලයේ ජීවිතයෙන් සමුගත් දින දෙක වයසැති පුංචි බිළිඳියක් ගැන පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙනවා.

මේ පුවත ආරංචි වෙන්නේ දියතලාව හල්දුම්මුල්ල ප්‍රදේශයෙන්. මරණ පරීක්ෂක ශානක් රොශාන් පතිරණ මහතා විසින් මේ පිළිබඳ තොරතුරු මුහුනුපොතට එක් කර තිබුණා.

හෙතෙම මුහුනුපොතේ එක් කළ සටහන පහතින්,

“දියතලාව රෝහලේ මාගේ 86 වෙනි මරණ පරීක්ෂණය සහ වේදනාත්මකම මරණය.දින දෙකක් වයසැති මේ පොඩි දුව මව්කිරි බීම අඩු වී කහවීම හේතුවෙන් ලේ වල සිනි අඩුවීම නිසා ගෙදරදී ගැහෙන්න අරගෙන, හල්දුම්මුල්ල රෝහලට ගේන්න තාත්තට ත්‍රීවිල් එකට පෙට්‍රල් හොයන්න පැයක් විතර ගිහින්.. හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg/dl. දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා. දියතලාව රෝහලේ ETU එකේ දරුවා නැති උනා.

අර පැය පරක්කු උනේ නැත්නම් මේ අහිංසක කිරිකැටියා බේරගන්න තිබ්බා. දෙයක් තමන්ටම වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න. මාස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පෙට්‍රල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවිත කාලෙටම වද දේවී. මිනිය කපන්නත් දුකයි, සියලු අවයව හොඳට හැදුනු දරුවෙක්. හෙන ගහනවා මේ කාලකණ්නි දේශපාලුවන්ට. පස්සේ හිතුනා මේ කාලකණ්නි රටේ ජීවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොඳයි කියලා.”