27.2 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වර්ණා කහවිට දිවිසැරිය නිම කරයි

ස්වර්ණා කහවිට දිවිසැරිය නිම කරයි

වසර 50කට අධික කාලයක් මෙරට සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී ඇත.

ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන ඇය ‘වෙසතුරු සිරිත’ චිත්‍රපටයේ ඉතා සුළු චරිතයක් රංගනය කරමින් සිංහල සිනමාවට පිවිසියාය.

ස්වර්ණා කහවිට මහත්මිය රහස් දූපත, රෑණ ගිරව්, සිරිල් මල්ලි, රං ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ බිල්ලෝ එනවා, හරිම බඩු තුනක්, දයාබර නිලූ ආදී චිත්‍රපට 35 කට පමණ රංගනයෙන් දායක වූවාය.