26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනා කෙටුම්පත අද (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

එම යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් දැනටමත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ පසු නීතිපතිවරයාගේ යළි අනුමැතියට ඉදිරිපත් කර ගැසට් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී තිබේ.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් ස්වාධීන කොමිෂන් සභා දෙකක් හදුන්වා දී ඇති අතර එම කොමිෂන් සභා වන්නේ විගණන සේවා කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසමයි.