අද (24) කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.
එම නිසා අද දිනයේ පෝලීම්වල රැඳී නොසිටින ලෙසත් ගෑස් තොග අනිසි ලෙස රැස් කිරීමෙන් වළකින ලෙසත් එම සමාගම මහ ජනතාවට දැනුම් දෙයි.
එමෙන්ම වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදු නොකරන ලෙසත් ලිට්‍රෝ සමාගම මහජනතාවට දැනුම් දෙනු ලබයි.
ලිට්‍රෝ ගැස් සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළේ තවත් ගෑස් නෞකා 02ක් සඳහා ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවූ බවයි.


