32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ගෑස් පෝළිම්වල ඉන්න එපා - ලිට්‍රෝ සමාගම

අද ගෑස් පෝළිම්වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම

අද (24) කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම නිසා අද දිනයේ පෝලීම්වල රැඳී නොසිටින ලෙසත් ගෑස් තොග අනිසි ලෙස රැස් කිරීමෙන් වළකින ලෙසත් එම සමාගම මහ ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම වැඩි මිලට ගෑස් විකිණීම හෝ මිලදී ගැනීම් සිදු නොකරන ලෙසත් ලිට්‍රෝ සමාගම මහජනතාවට දැනුම් දෙනු ලබයි.

ලිට්‍රෝ ගැස් සමාගමේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළේ තවත් ගෑස් නෞකා 02ක් සඳහා ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවූ බවයි.