29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුප්පතාගේ හිතවතාත් ගණන් උස්සයි

දුප්පතාගේ හිතවතාත් ගණන් උස්සයි

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමූ බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 100ක් දක්වාද දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 80 දක්වාද මිල ඉහළ දැමීමට සිදු වූ බව අප කළ විමසීමක්දී එම සංගමයේ සභාපති ලලිත් ධර්මසේන ප්‍රකාශ කළේය.

පොදු මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ත්‍රිරෝද රථ සඳහා අපහසුතාවයකින් තොරව ඉන්ධන ලබා ගැනීම සඳහා ක්‍රමයක අවශ්‍යතාවය මේ වනවිට මතුව ඇති බව ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.

කුලී ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන ක්‍රමය විධිමත් කරන ලෙස තම සංගමය නව ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ඔහු පැවසීය.