මේ වන විට ශ්රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීනය විසින් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 76ක ආධාරයක් පිරිනැමීමට කටයුතු කරන බව ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඊට අමතරව දෙරටේ දීර්ඝ කාලීන මිත්රතත්වය තහවුරු කිරීම සඳහා තවදුරටත් ආර්ථික සහනයන් ලබා දීමට කටයුතු කරන බව එම නිවේදනයේ දැක්වේ.
මේ අතර චින රජය විසින් නැගෙනහිර පළාතේ අඩු ආදායම්ලාභී පුද්ගලයන් සදහා ලබා දුන් වියළි සලාක මළු 10000 න් 5000 ක් ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ජනතාවට සංකේතවත්ව බෙදා දීමද තානාපතිවරයා අතින් සිදු විය.