― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical2020දී ආණ්ඩුව හොර රහසේම IMF යන්න හදලා

2020දී ආණ්ඩුව හොර රහසේම IMF යන්න හදලා

ශ්‍රී ලංකාව 2020 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීඝ්‍ර මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් එම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (25) පැවති කෝප් කමිටු රැස්විමේදීය.

ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව සඳහන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර 2020 වසරේ මැද භාගයේදී නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වැඩසටහනකට යන ලෙස සඳහන් කර ඇති බවත් ඔහු එහිදී හෙළි කළේය.

එවක හිටපු පාලකයන් මේ බව රටටත්, ජනතාවටත්, පාර්ලිමේන්තුවට වසන් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එසේම බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් විශාල අර්බුදයට රට යන බවට නිලධාරීන් හෙළිකර තිබුණත් එවක සිටි දේශපාලන අධිකාරිය හා දේශපාලන පත්විම් ලැබූ පුද්ගලයින් ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.