26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගයේ සහ සුඛෝපභෝගී බස් ගාස්තු 19.49%කින් ඉහළට

අධිවේගයේ සහ සුඛෝපභෝගී බස් ගාස්තු 19.49%කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අධිවේගී මාර්ග සහ සුඛෝපභෝගී බස් රථ ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව එම ගාස්තු 19.49%කින් ඉහළ යන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ.

මෙම ගාස්තු සංශෝධනයට අනුව අධිවේගී මාර්ගයේ හා සුඛෝපභෝගී බස් සේවාවේ කොළඹ සිට මාතරට රු.1210ක්,කඩවත සිට ගාල්ලට රු.1000ක්,කොළඹ සිට ඇඹිලිපිටියට රු.1680ක්,කොළඹ සිට වීරකැටිය ට රු.1550ක්,කොළඹ සිට මොණරාගල වෙත රු.2420ක්,මාකුඹුර සිට අක්කරෙයිපත්තුවට රු.3100ක් ලෙස වැඩි වී ඇත.

තවද කොළඹ සිට මහනුවරට රු.457ක්,කොළඹ සිට මාතරට රු.583ක් කොළඹ සිට ගාල්ලට රු.437ක් ලෙස අන්තර පළාත් බස් රථ ගාස්තුවද ඉහළ ගොස් තිබේ.