26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආර්ථිකය විනාශ කළ ලොක්කන්ට දඩුවම් - කෝප් කමිටුවෙන් දැඩි තීන්දුවක්

ආර්ථිකය විනාශ කළ ලොක්කන්ට දඩුවම් – කෝප් කමිටුවෙන් දැඩි තීන්දුවක්

වත්මන් ආර්ථික අර්බුදය සඳහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් නිර්දේශ කළේය.

විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා ඊයේ (25) ශ්‍රී ලංකා මහබැංකුව කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීදී කෝප් සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දුන්නේය.

ආර්ථිකය මෙහෙයවූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිසාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබඳව පරීක්ෂණය කළ යුතු බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මෙම සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කෝප් කමිටුවේදී සඳහන් කළේය.

එසේම 2019 නොවැම්බර් වන විට IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව IMF වාර්තාවට අනුව ලංකාවේ ණය තිරසර නොවන බවත් දැනුම් දුන් බව පෙන්වා දුන්නේය.