― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsව්‍යාපාරිකයින් සල්ලි අච්චු ගහන්න මැෂින් ඉල්ලයි

ව්‍යාපාරිකයින් සල්ලි අච්චු ගහන්න මැෂින් ඉල්ලයි

මෙතෙක් කල් තම ව්‍යාපාර පවත්වාගෙන ගියේ ඉතුරු කරගත් මුදල්වලින් බවත් තවත් ඉදිරියට එසේ කරගෙන යාම ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය පවසයි.

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගහන බව ප්‍රකාශ කර ඇති බව පැවසූ එම සංගමයේ සභාපතිනි ටානියා අභයසුන්දර එවිට පෞද්ගලික අංශයේ සේවකයන්ට සිදුවන්නේ කුමක්දැයි එහිදී ප්‍රශ්න කළාය.

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ මුදල් අච්චු ගැසීමෙන් නම් තමන්ට ද මුදල් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය බැගින් ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදය කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නියෝජනය කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. ඒවා රැක ගැනීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කළේ නැහැ. සියලු දෙනාම තමන්ව ගොඩ යාමට අපිව පාවිච්චි කළා. අද අපි හිඟා කන තත්වයට වැටිලා තියෙනවා. රටේ ආර්ථිකයේ ප්‍රධාන කොදු නාරටිය වූ අප මහ පාරට වැටිලා.

තමන් රටට මොනවද කළේ කියලාතමන්ගේ හෘද සාක්ෂියට තට්ටු සාක්ෂියට තට්ටු කරල බලන්න කියලා පාර්ලිමේන්තුවේ 225 ටම අපි කියනවා. රජයේ සේවකයන්ට වැටුප් ගහන්න සල්ලි අච්චු ගහන්න වෙනවා කියලා දැන් අගමැති තුමා කියනවා. අපේ මිනිස්සුන්ට අද වැටුප් ගෙවා ගන්න බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. අපි වෙනුවෙන් මේ රජයට කිසිම වැඩපිළිවෙළක් නැහැ. කුඩා හා මධ්‍යම ව්‍යාපාරිකයා රැකගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් අපි ඉල්ලා සිටිනවා.