27.8 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතමිල්නාඩුව කච්චතිව් දූපතට කුරුමානම් අල්ලයි

තමිල්නාඩුව කච්චතිව් දූපතට කුරුමානම් අල්ලයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය අගමැතිවරයා පවසන්නේ දුෂ්කර කාලයක් පසු කරමින් සිටින ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවයි.

තමිල්නාඩුවේ චෙන්නායිහි පැවති උත්සවයකට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙර මෙම උත්සවය ඇමැතූ තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පවසා ඇත්තේ දශක ගණනකට පෙර ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බවයි.

එම දූපත ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන්නැයි ඔහු එහිදී ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා. කෙසේවෙතත් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සිය කතාවේදී එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.