31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපසුගිය වසරේ ලංගමට රුපියල් බිලියන 3.4ක පාඩුවක්

පසුගිය වසරේ ලංගමට රුපියල් බිලියන 3.4ක පාඩුවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය වර්ෂයේදී රුපියල් බිලියන 3.4ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ දැක්වෙයි.

එසේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2020 වර්ෂයේදී රුපියල් බිලියන 2.2ක අලාභයක් ලබා තිබූ අතර එය 2021 වර්ෂයේදී රුපියල් බිලියන 3.4 දක්වා වැඩිවී තිබේ.

පසුගිය වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සමස්ත ආදායම රුපියල් බිලියන 26.9ක් විය. එය සියයට 13.7ක අඩුවීමකි.

සමස්ත වියදම රුපියල් බිලියන 30.4 වී ඇති අතර වියදම සියයට 9.1කින් අඩුවී ඇති බව මහබැංකුව විසින් නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේවුවද රජය මගින් පසුගිය වර්ෂයේදී ආර්ථික වශයෙන් ප්‍රථිලාභ නොලැබෙන මාර්ගවල ප්‍රවාහන සේවා යෙදවීමට හා සහනාධාර වාර ප්‍රවේශපත්‍ර සඳහා රුපියල් බිලියන 12.2ක සහනාධාර මුදලක් ලංගමයට ලබා දී තිබුණි.